ඇල්ල පස්සර මාර්ගයේ කලබ් හන්දිය ආසන්න ප්‍රදේශයේදී අද14 සවස පවතින වර්ෂාව සමඟ නායාමක් සිදු වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.
කෙසේ වෙතත් මාර්ගයේ කඩිනමින් විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර බැකෝ යන්ත්‍ර යොදා ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

