ඇල්පිටියේ වෙඩි තැබීමක්


ඇල්පිටිය යක්කටුව මංසන්ධියේදී අද (23දා) සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ ඇල්පිටිය යක්කටුව ප්‍රදේශයේ පදිංච් නිමේෂ් මධුසංක නමැති තරුණයෙකි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මේ තරුණයාට වෙඩි තබා පළා ගොස් ඇති බවද පොලීසිය කියයි.

මේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මේ වනවිට ඇල්පිටිය රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා



Recommended Articles