ඇල්පිටියේ ලංගම වර්ජනයක්


වැටුප් ගැටලුවක් මුල්කරගෙන අද (22දා) ඇල්පිටිය බස් ඩිපෝවේ රියදුරු කොන්දොස්තර ඇතුලු සේවකයින් වැඩවර්ජනයක නිරතවී සිටිති.

සිය රාජකාරිවලින් බැහැරව ඔවුන් මෙසේ වැඩවැරුමේ නිරතවී සිටින බැවින් ඇල්පිටියේ ලංග බස් සේවාව මුළුමනින්ම ඇණ හිටියේය.

දුර ගමන් සහ කෙටිදුර සේවාවන් මෙසේ ඇණ හිටීමෙන් ඇල්පිටියේ මගී ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වූහ.

වැටුප් වැඩිවීමක් සහ හිග වැටුප් ගෙවීමක් සම්බන්ධයෙන් සිය පාලන අධිකාරිය කටයුතු නොකිරීම නිසා තමන් මේ වැඩවැරුමට එක්වූ බව එයට සහභාගීවූ පිරිස කීහ.

කරන්දෙනිය සුසිල් ප්‍රියන්ත

 



Recommended Articles