ඇඹිලිපිටිය සතිපොළ වසා දමයි


ඇඹිලිපිටිය සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවිමෙන් ඇඹිලිපිටිය සතිපොළ හා විදි වෙළදාම තාවකාලිකව නැවැත්විමට ඇඹිලිපිටිය නගර සභාව  අද  (27)  පියවර ගත්තේය.

ඇඹිලිපිටිය නගරාධිපති ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණ ක්‍රියාත්මක කරන බව ඇඹිලිපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේය.

පාලන මිලට අනුව ප්‍රදේශයේ නිවෙස් අසලට වාහන වලින් ගොස්  ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අලෙවි කිරිමට අවසර ලබා දි තිබේ.

 



Recommended Articles