ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ කෝටි හතේ වංචාවට ගණකාධිකාරීවරයෙකුත් රිමාන්ඩ්


ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට දුන් කෝටි හතකට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්  සබරගමු පළාත් සභාවේ ගණකාධිකාරීවරයෙක් 29දා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ටිරෝන් ප්‍රනාන්දු මහතා හමුවට 29දා පැමිණවීමෙන් පසු 31දා තෙක් රිමාන්ඩ්භාරයේ තැබිමට නියම කරනු ලැබීය.

මෙසේ රිමාන්ඩ්භාරයට පත්කෙරුණේ සබරගමු පළාත් සභාවේ ගණකාධිකාරීවරයෙක් ලෙස සේවය කරන සෙනරත්ගේ ආනන්ද තිලකරත්න යන අයයි.

2016 සහ 2017 වර්ෂ සදහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ විවිධ ව්‍යාපෘතිවලට යෙදවීමේදී ව්‍යාපෘති 77කට අදාලව, රුපියල් 7,16,45,226.32ක මුලදල් වංචා කිරිම සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කාර්යංශයේ අංක 03 අපරාධ විමර්ශන අංශය විමර්ශන පවත්වයි.

සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලේකම් ලෙස පත්ව ආ බමුණුආරච්චිගේ චාමර ප්‍රේමනාත් යන  අය විසින් සබරගමු පළාත්සභාවේ හිටපු ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතාගේ ලිඛිත උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ අංශය වෙත 2023 ජනවාරි 20 දින පැමිණිලි කරතිබුණි.

මේ වනවිට සැකකරුවන් 13ක් අත්අඩංගුවට ගෙන ඇත. ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 14වන සැකකරු ලෙසය. රිමාන්ඩ්භාරයේ පසුවු සැකකරුවන් අතරින් ගොවි සංවිධාන හතරක නිලධාරීන් 08 දෙනෙකු මේවනවිට ඇප මත මුදා හැර ඇත.

ඉහත ව්‍යාපෘති 77 අතරින් 15ක් සිදුකර නොමැති බවද අධිකරණය හමුවේ හෙලිවිය. මාර්ග හා ක්‍රීඩාපිටි ඉදිකිරිම සම්බන්ධයෙන් මෙම වංචාවන් සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුනු දක්වමින් පෙන්වා දුන්නේය. මාර්ග ව්‍යාපෘති පහළොවක්, පස්කපන මාර්ග ව්‍යාපෘති දහතුනක්, කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ මාර්ග දොළහක්, තාරයොදා සංවර්ධනය කළ මාර්ග දොළහක්, ග්‍රෙවල් යොදා සංවර්ධනය කළ මාර්ග හයක්, ක්‍රීඩා පිටි දොළහක් යන ව්‍යාපෘති වලින් මෙම මුල්‍ය වංචාව සිදුකර තිබේ.

අජිත්ලාල් ශාන්තඋදය, කොලොන්නේ ජේ. නානායක්කාර සහ කසුන් දර්ශන



Recommended Articles