ඇමෙරිකාවෙන් තවත් සහතිකයක්


ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් තිබෙන අසීරු අවස්ථාවේදී ඇමෙරිකාව තවදුරටත් ශ්‍රි ලංකාවට සහාය ලබාදෙන බව දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කර තිබේ.

එසේම නිදහස් හා සමෘද්ධිමත් කලාපයක් ඇති කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකාව සමග එක්ව වැඩ කරන බවද ඇය සඳහන් කර තිබේ.

 



Recommended Articles