ඇමෙරිකාවෙන් ටොන් 11ක වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක්


ඇමෙරිකානු ආධාර වැඩසටහන යටතේ සෞඛ්‍ය උපකරණ තොගයක් 07/16 දින දහවල් ගුවන්  මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව එහි  කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මෙම උපකරණ තොගය ශ්‍රී ලංකාවට ලබා දීම , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබේ

මෙම උපකරණ තොගය කිලෝ ග්රැම් 11,000 ක් බර ඇසුරුම් 53 ක අසුරා තිබූ අතර , ඒවා අතර වැඩි වශයෙන් රෑපීඩ් ඇන්ටිජන් කට්ටල ඇති බව ද තොරතුරු සදහන් වේ .

07/16 දින දහවල් 12.06 ට    හොංකොං සිට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 2611 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් මෙම සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත මෙම සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගය ගුවන් මගින් එවා තිබුණි .

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත නිල වශයෙන් භාර දීම සිදු විය .

මෙම ආධාර තොගය රජයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත රැගෙන යෑම සදහා , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොරි රථ 33 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙවැනි තවත් ඇමෙරිකානු සෞඛ්‍ය වෛද්‍ය ආධාර තොගයක් ඉදිරි දින කීපය තුළ , යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles