ඇමෙරිකාවට ගිය බැසිල් එයි


ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අමාත්‍යවරයා පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.



Recommended Articles