ඉරානය සමඟ යුද්ධය හේතුවෙන් යුධෝපකරණවල "අඩුපාඩු" සහ නැවත සැපයුම්වල බාධාවක් ඇති වී ඇති බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජෙනරාල්වරයා පවසයි, එක්සත් ජනපදය යුධෝපකරණ හිඟයකට මුහුණ දෙන බව නැවත නැවතත් ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කරන අවස්ථාවක මෙම නව ප්‍රකාශය පැමිණ තිබේ.
එක්සත් ජනපද යුධෝපකරණ සැපයුම් අසීමිත බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර එසේ නොමැතිනම් වාර්තා කිරීම "ව්‍යාජ ප්රවෘත්ති" බව පැවසීය.
නමුත් ජනරාල්වරයා පවසා ඇත්තේ පෙබරවාරි සිට ජුනි දක්වා කාලය තුළ එක්සත් ජනපදය ඩොලර් බිලියන 22 කට වඩා යුධෝපකරණ සඳහා වියදම් කළ බවත් එය "උපායමාර්ගික ඉන්වෙන්ටරි හිඟයන්ට" හේතු වූ බවත්ය.
ඔහුගේ වාර්තා සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් විමසා ඇති අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජනපදය සතුව "ප්‍රමාණවත් තරම්" යුධෝපකරණ ඇති බවයි.

