ඇමෙරිකාව ඉරාන බෝට්ටුවලට පහරදෙද්දි ඉරානය එමීරයේ තෙල් පහසුකමකට පහර දෙයි


හෝමූස් සමුද්‍ර සන්ධියේදී  ඉරාන "වේගවත් බෝට්ටු" හතකට එක්සත් ජනපදය පහර දුන් බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. හෝමූස්හි සිරවි ඇති වාණිජ නෞකා ඉන් ඉවත් කිරිමට ඇමෙරිකාව කරන මෙහෙයුමට සමගාමිව මෙම ප්‍රහාර එල්ල කළ බව ට්‍රම්ප් පවසයි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියාව නිවේදනය කළේ හෝමූස්හි සිරවී ඇති තම නැව්වලට ප්‍රහාර එල්ල වී ඇති බවයි.ඉරාන ප්‍රහාරයකින් පසු ෆුජයිරා තෙල් වරායේ ගින්නක් ඇති වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද පැවසීය.

නැව් සමාගමක් වන මාර්ස්ක් බීබීසීයට පැවසුවේ එක්සත් ජනපද ධජය සහිත තම නෞකාවක් එක්සත් ජනපද හමුදා ආරක්ෂාව සහිතව සමුද්‍ර සන්ධියෙන් සාර්ථකව පිටව ගිය බවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ සමුද්‍ර සන්ධියේ සිදුවීම් "දේශපාලන අර්බුදයකට මිලිටරි විසඳුමක් නොමැති බව" පැහැදිලි කරන බවයි.



Recommended Articles