ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පිටත්ව යයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස තම ශ්‍රී ලංකා දෙදින නිල සංචාරය නිමා කර අද (28දා) දහවල් 1.06 ට  ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.

මෙම පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං 757 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් ඊයේ (27දා) රාත්‍රී 7.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම සංචාරය තුළ දී ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණි.

මෙම ඇමෙරිකානු පිරිසට සමු දීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.



Recommended Articles