ඇමති නාමල් යාපනයේ පළමු එන්නත්කරණයන් නිරීක්ෂණයට එක්වෙයි


කොවිඩ් - 19 ව්‍යාප්තිය පාලනයට රට පුරා ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහනේ අද (30) දින යාපනය දිස්ත්‍රික්කය ආරම්භ කළ එන්නත්කරණ ක්‍රියාවලිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්විය.

පළමු අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කය තුළ 50,000ක පිරිසක් මෙසේ එන්නත්කරණයට ලක් කෙරෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

සංචරණ සීමාවන්ට යටත්ව ක්‍රියාත්මක මෙම එන්නත්කරණ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළත් යාපනයේ ස්ථාන කිහිපයක දී පැවැත්වෙයි.



Recommended Articles