ඇබකස් ඔලිම්පියාඩ් තරගාවලියේදී ලංකාවට පදක්කම් 18ක්


ඇබකස් ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 18 දිනා දීමට එම තරගාවලියට සහභාගී වූ ශිෂ්‍යයන් 18 දෙනාම සමත් වී සිටි අතර ඔවුහු එම පදක්කම් රැගෙන අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය තායිවානයේ තායිපේ නුවර ඉකුත් 12/18 සිට 12/20 දක්වා පවත්වා තිබුණි. මෙම ඇබකස් ඔලිම්පියාඩ් තරගාවලිය වයස් කාණ්ඩ අනුව පැවැත්වෙන ලෝකයේ වේගවත්ම ගණිත තරගාවලිය ලෙස හැදින්වේ.

ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් , ගුරුවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.



Recommended Articles