ඇප මුදල් භාර ගන්නා ලෙස මැතිවරණ කොමිෂම දන්වයි


එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබාදෙන ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට කළ දැනුම් දීම නොසලකා හරින ලෙස මැතිවරණ කොමිෂම විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්ව තිබේ.

පෙරේදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව මෙසේ ඇප මුදල් භාර ගැනීමෙන් වලකින් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වර්නට දන්වා තිබුණි. 



Recommended Articles