ඇප මුදල් ගැන සොයා බලන්න කණ්ඩායම් 3ක් තැන් 3කට


අපේක්ෂකයන් විසින් මැතිවරණය වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙනත් කටයුතු සඳහා යොදවන්නේදැයි විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කණ්ඩායම් තුනක් අද (1දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මුදල් අමාත්‍යංශයට සහ මැතිවරණ කොමිසම වෙත ගොස් තිබේ.

ජනඅරගල පුරවැසියෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නව ජනතා විමුක්ති පෙරමුණ මුදල් අමාත්‍යංශයට සහ මොරටුව ස්වාධීන කණ්ඩායම1 මැතිවරණ කොමිසමටත් ගොස් තිබේ.



Recommended Articles