ඇප ඉල්ලිම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් විශේෂ තින්දුවක්


සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී කොවිඩ් වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් වශයෙන් පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකළ බව සඳහන් වෙයි

ඉකුත් වසරේ හලාවත ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 67 කට ආසන්න ප්‍රමාණයක්  වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම ප්‍රතිශෝධන පෙත්සම තුළින් ඉල්ලා තිබුණේ රට පුරා වර්තමානයේ පැතිරී යන කොවිඩ් වසංගත තත්ත්වය සුවිශේෂී හේතුවක් වශයෙන් සැලකිල්ලට ගෙන මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙසය.

කොරෝනා වසංගත තත්ත්වය සෑම සිරකරුවෙකුටම පොදු කරුණක් යැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එය සුවිශේෂි කරුණක් ලෙස සැලකිය නොහැකි බව තීන්දු කර ඇත.

 



Recommended Articles