ඇඳිරියෙන් පීඩාවට පත්වූවන්ට ලක්ෂ 250ක් දෙන ව්‍යාපාරිකයා


නිරෝධායන ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් කැළණිය ප්‍ර දේශයේ ජනතාව වෙත රුපියල් 1000 බැගින් බෙදා දීමට එම ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා කටයුතු කර තිබේ

ඔහු රුපියල් ලක්ෂ 250ක මුදලක් මෙසේ බෙදා දීමට පියවර ගැනිණ. එම මුදල් කැළණිය නාහේන ප්‍ර දේශයේදී බෙදා දීම අද (25දා) ආරම්භ කළේය.

මුදල් ලබා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියේය.

ඩයනා උදයංගනී



Recommended Articles