ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සිටින වරාය සේවකයින්ට නිවේදනයක්


ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සිටින වරාය සේවකයින්ට රැකියාවට නොඑන ලෙස දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දී සිටින්නේ කොවිඩ් 19 අවධානමට ලක්වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ වාසය කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු යළි සේවයට වාර්තා නොකරන ලෙසයි.

 



Recommended Articles