ඇඳිරි නීතිය කඩකළ 4018ක් අත්අඩංගුවට


කොවිඩ් 19 ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා පසුගිය 20 දා සවස 6.00 සිට පැනවූ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 4018ක් අද උදෑසන 6.00 දක්වා වන කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව බව පොලීසිය පවසයි. මේ කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1033කි.

මේ අතර අද පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 533ක් වන අතර වාහන සංඛ්‍යාව 98කි.



Recommended Articles