ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,662ක් අත්අඩංගුවට


මාර්තු මස 20 වන දින සිට අද(28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,662ක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,778 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කර සිටියි.

මේ අතර ඊයේ(28) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ පුද්ගලයින් 143ක් හා වාහන 35ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගනය කර නඩු පැවරූ සංඛ්‍යාව 22,591 ක් වන අතර නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 9067 කි.



Recommended Articles