ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 66,835 ක් අත්අඩංගුවට


පසුගිය මාර්තු මස 20 වන දින සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 66 835 ක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදන​ය කරයි.

එම කාලය තුළ අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 18 831 ක් බවත් ඊයේ(29) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ලගයින් 173 ක් වාහන 53 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.



Recommended Articles