ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 199 ක් අත්අඩංගුවට


අද(27) උදෑසන සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 199 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 2020.03.20 වන දින සවස 6 සිට අද දහවල් 12 දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 4217 ක් ‍බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

මේ අතර ගත වු පැය 6 තුළ වාහන 30 ක් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අනුව අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 1063 ක්.



Recommended Articles