ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් 1,535ක් අත්අඩංගුවට


ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ පසුගිය මාර්තු 20 වනදා සිට අද දක්වා කාලසීමාව තුළ එය කඩ කළ පුද්ගලයින් 23,519 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 6,072ක් පොලිස් භාරයට ගෙන ති​බේ.

අද පෙරවරු හයෙන් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,535ක් වන අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 385 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදන​ය කළේය.



Recommended Articles