ඇඳිරි නීතිය උල්ලංඝනය කර තවත් 342 ක් අත්අඩංගුවට


ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කළ පුද්ගලයින් 342 දෙනෙකු අද(27) දහවල් 12 සිට සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට ගෙ​න තිබේ.

මේ සමඟ වාහන 62 ක් ද අත්අඩංගුවට පත්වු බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. ​මේ අනුව 2020.03.20 වන දින සවස 6 සිට අද සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ප්‍රමාණය 4559 කි.



Recommended Articles