ඇන්තූරියම් මුවාවෙන් ගංජා වගා කළ කාන්තාවක් අත්අඩංගුවට


ඇන්තූරියම් වගාවක් මුවාවෙන් ගංජා වගාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඊයේ (29දා)  දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුක්මල්ගම විජයපුර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි .

ඇන්තුරියම් මල් වගාවක් පවත්වාගෙන යමින් ගංජා වගාවක්  පවත්වාගෙන යන කාන්තාවක්  පිළිබඳව  බස්නාහිර පළාත් බුද්ධි  කොට්ඨාශයට පසුගියදා තොරතුරක් ලැබී තිබුණි.

පසුව ඒ පිළිබඳ  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී  ඇන්තූරියම් මල් වගාව පිටුපස උස අඩි  6 ක් වූ සරුවට වැඩී තිබූ ගංජා ගසක් හමු වූ බව පොලීසිය කියයි .

ඒ අනුව මල් වගාව පවත්වාගෙන ගිය කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මීට මාස පහකට පෙර ලැබී තිබූ ගංජා ඇට කිහිපයක් තවාන් දැමූ බවත් ඉන් පැළ කිහිපයක් වැඩී ,  මීට මාසයකට පමණ පෙර අනෙක් පැළ මැරී ගොස් ඇති බවත් මේ ගස පමණක්  සරුවට වැඩි ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි .

මෙම ගංජා ගසේ ඵලදාව පසුකලෙක අලෙවි කිරීමේ අරමුණින් වගා කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



Recommended Articles