ඇතැම් වාණිජ බැංකුවල ඩොලරය 280ට යයි


ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 280ක් බවට සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් ලෙස පැවැතුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 274.9ක් විය.

මේ අතර ඇතැම් වාණිජ බැංකු ඩොලරයක ගැණුම් මිල 275ක් ලෙස සටහන් කර තිබූ අතර තවත් බැංකු එම අගය 270 අගයේ පවත්වාගෙන තිබුණි.

මහ බැංකුවේ නිල විනිමය අනුපාත අනුව ගැණුම් මිිල 264.6ක් විය.



Recommended Articles