ඇඟළුම් අපනයනය දෙවැනි මසටත් ඩො.මි. 500 ඉක්මවයි


ජූලි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම අඛණ්ඩව දෙවැනි මසටත් අමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයයය පවසයිි.

ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 536.65ක් වූ අතර ජූලි මාසයේදී ද එම ආදායම ඩොලර් මිලියන 522.13ක් ලෙස සටහන් විය.

මේ වසරේ පළමු මාස 7 සැලකූ විට මෙරට ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.3 සීමාව ඉක්මවා තිබේ. 2021 වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5.4ක් ඉපැයීය.

 



Recommended Articles