ඇඟලුම් කම්හලේ සේවයෙන් ඉවත්ව තංගල්ලට පැමිණි දෙදෙනාට කොරෝනා නැහැ


මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයෙන් ඉවත්වූ බව කියන දෙදෙනකුගේ පී.සී.ආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිත නොවන බවට හඳුනාගෙන ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා කියයි.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර සේවයෙන් ඉවත් වී ඉකුත් 24 වැනිදා තංගල්ලට පැමිණි බව කියන අඹුසැමි යුවලකගේ පී.සී.ආර් සාම්පල ඊයේ (7) ලබාගෙන තිබිණි.

මොවුන් දෙදෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව ඔවුන් කොරෝනා ආසාදිත නොවන බවට අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.



Recommended Articles