ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩකයන් මෙරටට


බහරේන් රාජ්‍යයේ මනාමා නුවර පැවති සිව් වන පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වී , ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩකයන් පිරිස 12/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
 
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගනිමින් පදක්කම් දිනා ගත් රටවල් 22 ක් අතරින් 14 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබුණි .
 
මෙම තරගාවලියට රටවල් 30 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750 ක් සහභාගී වී සිටියහ .
 
මෙසේ පදක්කම් දිනූ ක්‍රීඩක , ක්‍රීඩිකාවන් අතර ගලීනා බස්නායක , සෆ්රාරාන මොහොම්මදු , ජේසන් ජයවර්ධන සහ ජනනි වික්‍රමසිංහ , නවීඩ් රහීම්  සිටියහ . 
 
මෙම පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික යොවුන් පැරා ක්‍රීඩා කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .


Recommended Articles