ආසියානු පැරා තරගාවලියේ පදක්කම් දිනූ අපේ සිංහයෝ එති


චීනයේ හැංජො හි පැවති 04 වන ආසියානු " පැරා " ක්‍රීඩා තරගාවලියේ දී  පදක්කම් 11 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගනිමින් මෙම තරගාවලියේ 18 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට පියවර ගෙන තිබුණි .

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 10/30 දින රාත්‍රී 08.40 ට චීනයේ චෙන්ඩු නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 



Recommended Articles