ආසාදිතයින්ගේ ප්‍රතිකාර වෙනුවෙන් ආයුර්වේද රෝහල් 28ක්


කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය ආයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ගීතාමනි කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, ඊට මධ්‍යම රජයෙන් පාලනයවන හම්බන්තොට, නාවින්න, යාපනය – කයිතඩි සහ බොරැල්ල ආයුර්වේද රෝහල් 04 ක් වන බවටය.

ඊට අමතරව පළාත් සභා මගින් පාලනය කෙරෙන රෝහල් 24ක් ද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට නියමිතව තිබේ.

 



Recommended Articles