ආසාදිතයින් හමුවු ප්‍රදේශ


අඛණ්ඩව දෙවන දිනටත් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 200 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග ඊයේ (05) දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,674ක් දක්වා ඉහළගොස් තිබුණි.

ඒ අනුව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 446කි.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266 දෙනෙකු වාර්තා වීමත් සමඟ ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 9කින් 100 ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මීට අමතරව කළුතර 377ක්, මාතර 127ක්, අනුරාධපුර 109ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

මෙරටදී සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles