ආසාදිතයින් හමුවු ප්‍රදේශ


ගතවූ පැය 24 තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් -19 වෛරස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 249 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 221 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කළුතර 183ක්, මහනුවර 169ක්, ගාල්ල 112ක් වශයෙන් ද ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඊට අමතරව කුරුණෑගල 67ක්, රත්නපුර 64ක්, මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 48 දෙනා බැගින් ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.

 



Recommended Articles