ආසාදිතයින් හමුවු ප්‍රදේශ


ඊයේ දිනයේදීත් දෛනික ආසාදිතයින් 662ක් හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 135,974 කි.

ඊයේ දිනය තුළ විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 86 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,823 ක් දක්වා ඉහළගොස් තිබුණි.

ඊයේ දිනයේ ද දිස්ත්‍රික්ක 25 න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 267ක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද අඩුම ආසාදිතයින් සංඛ්‍යාව වව්නියාව දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙකු ලෙස ද වාර්තා වී තිබුණි.

එමෙන්ම කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළත්ව දිස්ත්‍රික්ක 5කින් පමණක් ඊයේ දිනයේ 100 ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 148ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 දෙනෙකු වශයෙන් හඳුනාගෙන ඇත.

මහනුවර, පුත්තලම, මාතර, පොළොන්නරුව, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල, මොණරාගල, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මාතලේ සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් දෛනික ආසාදිතයින් 50කට අඩු සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

 



Recommended Articles