ආසාදිතයින් හමුවු ප්‍රදේශ


මෙරට ඊයේ (25) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් ගෙන් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ආසාදිතයින් 300යේ සීමාව ඉක්මවා වාර්තා වී තිබේ.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග ඊයේ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,876කි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් 1,859 දෙනෙකු වේ. 

ඒ අනුව වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 378කි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347ක් වාර්තා වී තිබේ.

කෙසේවෙතත් පසුගිය දිනවල දිස්ත්‍රික්ක රැසකින් 100 ඉක්මවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුවද ඊයේ දිනයේදී එම දිස්ත්‍රික්ක සංඛ්‍යාව 4 ක් දක්වා පහළ බැස තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 176ක් රත්නපුර 161ක්, නුවරඑළිය 92ක්, යාපනය 91ක්, කෑගල්ල 84ක්, මහනුවර 83ක් හා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 64ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ගාල්ල, පුත්තලම, අනුරාධපුර, මාතර, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, බදුල්ල, මොණරාගල, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මාතලේ, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් ද දෛනික ආසාදිතයින් 50කට අඩු සංඛ්‍යාවක් වශයෙන් වාර්තා වී තිබේ.

 



Recommended Articles