ආසාදිතයින් හමුවු ප්‍රදේශ


ගතවූ පැය 24 තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබේ. 

පසුගිය දින කිහිපයේම දෛනික ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා වාර්තා වුවත් ඊයේ (24) මෙරට දිස්ත්‍රික්ක 25 න්ම වාර්තා වුයේ කොවිඩ් ආසාදිතයින් 1,941 දෙනෙකු පමණකි.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එම ආසාදිතයින් සංඛ්‍යාව 386කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 261ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 252ක් හඳුනාගෙන තිබේ.

මඩකලපුව 133ක්, කෑගල්ල 125ක්, බදුල්ල 100ක්, මහනුවර 97ක්, රත්නපුර 97ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී ඇත.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 248,050 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles