ආසාදිතයින් හමුවු ප්‍රදේශ


කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයින් 3,103 දෙනෙකු ඊයේ (05) දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබේ.

ඉන් 09 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින්ය. 

ඒ අනුව අඛණ්ඩව සිව් වන දිනටත් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 3,000 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

ගතවූ පැය 24 තුළත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. ඒ ආසාදිතයින් 828කි.

ඉන් වැඩිම සංඛ්‍යාවක් පාදුක්ක ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 88කි. 

මීට අමතරව ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක්, කුරුණෑගල 255ක් මාතර 224ක්, කළුතර 140ක්, මහනුවර 124 ක්, ගාල්ල 117ක්, අම්පාර 114 ක්, මඩකලපුව 110ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 109ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී ඇත.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 202,357කි.

 



Recommended Articles