ආසාදිතයින් හමුවු ප්‍රදේශ


ඊයේ (27) දිනයේද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,584 දෙනෙකු හඳුනාගැනුණු අතර ඒ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 12 දෙනෙකු ද සමගය.

දිස්ත්‍රික්ක 25 න් ඊයේ දිනයේද ආසාදිතයින් වාර්තා වී තිබුණි.

ඒ අනුව වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 429කි.

මීට අමතරව ගම්පහ 415ක්, කළුතර 356ක්, නුවරඑළිය162ක්, රත්නපුර 156ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 155ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, නවගමුව, අවිස්සාවේල්ල,මිරිහාන යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, කිරිඳිවැල, දොම්පේ, මීගමුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව, පානදුර දකුණ, ඉංගිරිය සහ කළුතර උතුර යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.

කෙසේවෙතත් සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100ට අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේ අතර පළාත් අනුව ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගැනීමේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 95,779 කි.

 



Recommended Articles