ආසාදිතයින් හමුවු ප්‍රදේශ


කොවිඩ් - 19 ආසාදිතයින් 2,377 දෙනෙකු ඊයේ (26) මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් 2,325 දෙනෙකු ඒ අතරට අයත්ය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණ නිරෝධායනට ලක් වෙමින් සිටි පුද්ගලයින් 52ක් සිට තිබේ.

ඊයේ දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.

එම සංඛ්‍යාව 573කි.

ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 51කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 530ක්, මහනුවර 257ක්, ත්‍රිකුණාමලය 151ක්, රත්නපුර 129ක්, කළුතර 128ක් ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇත.

 



Recommended Articles