ආසාදිතයින් හමුවු ප්‍රදේශ


බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,783 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,443ක් වන අතර ඉන් ආසාදිතයින් දෙදෙනෙක් විදේශගතව සිටි පැමිණි අයයි.

සෙසු ආසාදිතයින් 3,441 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 822 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 674 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 248 දෙනෙකු, ත්‍රිණාමලය දිස්ත්රි ක්කයෙන් 204 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 190 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 182 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 117 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් 108 දෙනකු ලෙස වාර්තා වී ඇත.

 



Recommended Articles