ආසාදිතයින් හමුවු ප්‍රදේශ


කොවිඩ් -19 ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) වාර්තා වී ඇත.

එම සංඛ්‍යාව 643කි.

කෙසේවෙතත් මීට පෙර කොවිඩ් -19 ආසාදිතයින් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා නොවූ උතුරු මැද පළාතෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 200 කට වැඩි සංඛ්‍යාවක් ද වාර්තා වී තිබේ.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24 කින් කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන ඇත.

අනුරාධපුරයෙන් 126ක් සහ පොළොන්නරුවෙන් 80ක් ද ආසාදිතයින් වාර්තා වී තිබුණි. මේ අතර රත්නපුරයෙන් 174ක්, ගාල්ලෙන් 135ක්, කුරුණෑගලින් 100ක්, කළුතරින් ආසාදිතයින් 121ක් ද වාර්තා වී ඇත.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 301 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කෑගල්ලෙන් 91ක් නුවරඑළියෙන් 67ක්, මහනුවරින් 61ක් ලෙසද ආසාදිතයින් වාර්තා විය.

 



Recommended Articles