ආසාදිතයින් හමුවු ප්‍රදේශ


දිවයිනේ දිස්ත්‍රික්ක 16කින් ඊයේ (16) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 237 දෙනාගෙන් 78 දෙනෙකුම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවය.

සෙසු ආසාදිතයින් 159 දෙනා දිස්ත්‍රික්ක 16 කින් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් 95 දෙනෙකු තවත් දිස්ත්‍රික්ක 13කින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

 



Recommended Articles