ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ


කොවිඩ් ආසාදිතයින් 1,815 දෙනෙකු ඊයේ (23) මෙරටින් හඳුනාගෙන තිබේ.

මෙරටින් ඊයේ (23) දිනයේ වාර්තා වූ කොවිඩ් -19ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව ආසාදිතයින් 438 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 52,273කි.

මීට අමතරව ඊයේ දිනයේදී කොළඹ 364ක්, කළුතර 119ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී තිබුණි.

ඊට අමතරව අම්පාර 85ක්, කෑගල්ල 83ක්, මහනුවර 69ක්, යාපනය 57ක්, බදුල්ල 56ක් සහ මාතරින් 50ක් ලෙස ආසාදිතයින් වාර්තා විය.

කෙසේවෙතත් ඊයේ දිනයේදීත් මන්නාරම දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසාදිතයකු වර්තා වී නොමැත.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 293,113 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

එම අසාදිතයින්ගෙන් 265,708 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 23,446 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.

 



Recommended Articles