ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ


කොවිඩ් -19 ආසාදිතයින් 1,413 දෙනෙකු ඊයේ (13) මෙරටින් හඳුනාගෙන තිබේ.

ඉන් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 248 දෙනෙකු මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 210 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 156කි.

විදෙස්ගතව සිට පැමිණි 9 දෙනෙකු ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්ය.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 277,519 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 247,569 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබේ.

කෙසේවෙතත් ආසාදිතයින් 26,417 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා 
අංශය සඳහන් කරයි.

 



Recommended Articles