ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ


ගෙවුණු දිනයේ (15) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 59 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් අතරින් හඳුනා ගෙන තිබේ.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කය – 546 යි. (වැඩිම ආසාදිතයින්)
 කළුතර දිස්ත්‍රික්කය – 268 යි ගම්පහ දිස්ත්‍රික්කය – 250 යි. නුවරඑළිය දිස්ත්‍රික්කය – 162 යි මහනුවර දිස්ත්‍රික්කය – 161 යි

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.



Recommended Articles