ආරක්ෂක අංශ භාවිත කළ ඉඩම් අක්කර 187ක් මුදා


යාප­නය, කන්ක­ස­න්තුරේ සිමෙන්ති කම්හ­ලට අයත්ව තිබූ, ආර­ක්ෂක අංශ විසින් පරි­හ­ර­ණය කරන ලද අක්කර 187.56ක භූමි­යක් සිවිල් ජන­තා­වගේ පරි­හ­ර­ණය සඳහා මුදා­හැර තිබේ. එම භූමිය ඵල­දායී ආර්ථික හා සංව­ර්ධන කට­යුතු සඳහා යොදා ගැනී­මට අව­ස්ථාව මේ අනුව සිවිල් ජන­තා­වට හිමි වේ.

වලි­කා­මම් උතුර (තෙලි­ප්ප­ලෙයි) ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් ජේ/233 කන්ක­ස­න්තුරේ බට­හිර ග්‍රාම නිල­ධාරී වස­මෙහි පිහිටි මෙම භූමිය, 1997 මැද භාගයේ සිට ශ්‍රී ලංකා යුද හමු­දාව විසින් භාවිත කරනු ලැබීය.

මෙම භූමිය මුදා­හැ­රී­මට අදාළ ලිය­කි­ය­විලි පලාලි ආර­ක්ෂක සේනා මූල­ස්ථා­නයේ සිවිල් කට­යුතු සම්බ­න්ධී­ක­රණ නිල­ධාරී කර්නල් ඩබ්ලිව්.එම්.ඒ.එම්. නිස්සංක විසින් පසු­ගියදා යාප­නය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී යාප­නය දිස්ත්‍රික් ලේකම් එම්. පිර­තී­පන් මහතා වෙත නිල වශ­යෙන් භාර දෙන ලදි.

අක්කර 187.56කින් යුත් මෙම භූමි ප්‍රමා­ණය මුදා­හැ­රීම, කන්ක­ස­න්තුරේ යෝජිත ආයෝ­ජන කලා­පය සඳහා අවශ්‍ය රාජ්‍ය ඉඩම් ලබා­දීමේ පුළුල් වැඩ­පි­ළි­වෙළේ එක් පිය­ව­රකි. එම­ඟින් ප්‍රදේ­ශයේ අනා­ගත ආයෝ­ජන මෙන්ම ආර්ථික සංව­ර්ධන කට­යුතු ද බෙහෙ­වින් විධි­මත් වනු ඇත.



Recommended Articles