ආනවිලුන්දාව කපා දැමූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට


ආනවිලුන්දාව කුරුළු අභය භූමිය හා රැම්සා තෙත් බිමට අයත් අක්කර තුන් කාලක පමණ ප්‍රමාණයක් ඉස්සන් වගා කිරීම සඳහා නීති විරෝධී ලෙස බිම් සැකසීමට අදාළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීට පෙර එම බිම් සකස් කිරීම සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රය හා එහි ක්‍රියාකරු අත්අඩංගුවට ගනු ලැබීය. ඩොසර් ක්‍රියාකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles