ආනයනික සම්බා සහල් හා පරිප්පු මිල සතොස අඩු කරයි


සතොස අලෙවිසැල්වල අලෙවි කෙරෙන ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල පිළිවෙළින් රු. 21 සහ 25  අඩුකර තිබේ. ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක නව මිල රු. 194 ක් වන අතර  රතු පරිප්පු කිලෝවක මිල රු. 460කිි. 

මීට  අමතරව හාල්මැස්සන්  කිලෝවක් රුපියල් 25 කින් අඩු කර රුපියල්  1,375 ක් දක්වා ද, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 2 කින් අඩු කර රුපියල් 198 ක් දක්වා ද, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2 කින් අඩුකර රුපියල් 310 ක් දක්වා ද තවත් භාණ්ඩ වර්ග දෙකක  මිල පහළ දමා තිබේ.

 



Recommended Articles