ආනයනික කිරිපිටිවල ඌරු තෙල් නෑ - රාජිත


නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද (07දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. " බුද්ධික පතිරණ ඇමතිවරයා  පාර්ලිමේන්තුවේ කළේ වැරදි චෝදනාවක්. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල උෟරු තෙල් අඩංගු නෑ ." යැයි ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ ෆාම් තෙල් කුඩු, ඌරු තෙල් හා ලැක්ටෝස් අඩංගු බවයි.



Recommended Articles