ආනයනික කිරිපිටි මිල පහළට


අද (25දා) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 250-300ත් අතර මිලකින් පහළ දමනු ලැබේ.

එමෙන්ම කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100-130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. 



Recommended Articles